Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෙන්ඩුල්කාර් 74 කට දැවී යයි

තෙන්ඩුල්කාර් 74 කට දැවී යයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ 200 වැනි සහ සමුගැනීමේ ටෙස්ට් තරගය ලෙස මුම්බාහි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (15) ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 495 ක් රැස්කිරීමට සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 313 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන කොදෙව් පිල දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නරත කරන විට කඩුලූ තුනක් දැවී ලකුණු 43 ක් පමණක් ලබා සිටියේය. ලෝක ටෙස්ට් සහ එක්දින වැඩිම ලකුණු ලාභියා වන සචින් තෙන්ඩුල්කාර් පන්දු 118 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය.

චෙටෙෂ්වර් පුජාරා (113) සහ රෝහිත් ශර්මා (නොදැවී 111) ශතක රැස්කිරීමට සමත් වූහ.

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම 182 (කිරන් පවෙල් 48, ඩැරන් බ‍්‍රාවෝ 29, ශිවනරින් චන්ද්‍රපොල් 25, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 45/3, ප‍්‍රගයන්  ඕජා 40/5)

ඉන්දීය පිල පළමු ඉනිම 495 (මුරලි විජේ 43, ශිකර් දාවන් 33,  චෙටෙෂ්වර් පුජාරා 113, සචින් තෙන්ඩුල්කාර් 74, විරාට් කෝලි 57, රෝහිත් ශර්මා නොදැවී 111, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 30, ෂේන් ශිලින්ෆෝට් 179/5, නර්සිං ඩියොනරින් 45/2)

 
 - 048


අදහස් (0)

තෙන්ඩුල්කාර් 74 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.