Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්දින තරගාවලිය යළි ඇරඹෙයි

තුන්දින තරගාවලිය යළි ඇරඹෙයි

editorial - 2023 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ක්‍රීඩා අමාත්‍යංශයේ නිවේදනයක් හේතුවෙන් මේ මස ආරම්භයේදීම නතර කරන ලද ප්‍රධාන ක්‍රීඩා සමාජ (තුන්දින) තරගාවලිය අද (22 වැනිදා) සිට නැවතත් ආරම්භ කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද ලියවිල්ලක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේශීය ක්‍රිකට් තරගාවලිය හදිසියේම නතර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

මෙම තුන්දින තරගාවලියේදී කරන ලද වෙනස්කම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කැමැත්ත ලබා නොගැනීම නිසා එය නීති විරෝධී යයි ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලියා දන්වා තිබිණ. එබැවින් තුන්දින තරගාවලිය ඇතුළු සියලුම දේශීය තරගාවලිය වහාම නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව, අදාළ කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමිවීම නිසා ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලිය නැවතත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. දිවයිනේ ක්‍රීඩාංගණ 10 කදී අද සිට නැවතත් ‘බී’ තලයේ අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින තරගාවලිය ආරම්භ වනු ඇත.

සැප්තැම්බර් 1 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ලම ඔක්තෝබර් මස 6 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට හැකිවන පරිදි තරග කාලසටහන නැවතත් සකස් කර තිබේ. තරගාවලියේ අවසන් මහ තරගය ඔක්තෝබර් මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

තුන්දින තරගාවලිය යළි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.