ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත තුන්දින ක‍්‍රිකට් තරගාවලිය විසදුමකින් තොරව අවසන් විය.
මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04) අවසන් වූ දෙවැනි සහ අවසන් තුන්දින තරගය ද විසදුමකින් තොරව අවසන් විය. වර්ෂාව හේතුවෙන් දිනකට වැඩි කාලයක් තරගය පැවැත්වීමට නොහැකි විය.
තරගය අවසන් වන විට ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටියේය. සලිදු උෂාන් පන්දු 245 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 112 ක් රැස්කිරීමට සමත් විය.
දඹුල්ලේදී පැවැති පළමු තුන්දින තරගය ද විසදුමකින් තොරව අවසන් විය.
බංග්ලාදේශ වයස 19 න් පහළ පිල පළමු ඉනිම කඩුලූ 9 ට 196
(යසිෆ් හසන් 23, ශද්මන් ස්ලාම් 66, ජොයිරෂ් ශීක් 31, මෙහෙඩි හසන් 17, මොහොමඞ් යසිෆුඩින් නොදැවී 18, හිමේෂ් රාමනායක 43/4, ළහිරු කුමාර 60/2)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම කඩුලූ 5 ට 220
(සලිදු උෂාන් නොදැවී 112, චරිත් අසලංක 37, මාලිංග අමරසිංහ 31, මෙහෙඩි හසන් 59/2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.