Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ත්‍රි පුද්ගල අභියාචනා කමිටුවක්

ත්‍රි පුද්ගල අභියාචනා කමිටුවක්

Nisanka Sandeepani - 2017 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ක්‍රීඩා සමාජයේත් කළුතර කායවර්ධන කවයේත් නායකයන්ට, පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ඉදිරිපත්වන අභියාචනා සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

සමන්ත දොඩන්වල, ඔෂාර පණ්ඩිතරත්න සහ චන්න වීරක්කොඩි යන මහත්වරුන් මෙම

ත්‍රි පුද්ගල කමිටුවට ඇතුළත් වෙති. 

පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය අතර මේ වසරේ ජනවාරි මාසයේදී පැවැති පළමු පෙළ තරගයේදී නොමනා අන්දමින් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් දෙපිලේ නායකයන්ට වසර දෙකක තහනමක්ද ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට වසරක තහනමක් බැගින්ද පනවනු ලැබිණ. 

ක්‍රීඩා සමාජයකට ලක්ෂ 5 ක් බැගින් වූ දඩ නියම කරන ලද නමුත් ක්‍රීඩා සමාජ දෙකටම වෙනත් දඬුවමන් නියම නොකෙරිණ. 

 


අදහස් (0)

ත්‍රි පුද්ගල අභියාචනා කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.