Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් ‐ ඉසිපතන මහ ක‍්‍රිකට් තරගය විසඳුම් නෑ

තර්ස්ටන් ‐ ඉසිපතන මහ ක‍්‍රිකට් තරගය විසඳුම් නෑ

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති 53 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය අද (27) විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ ඉසිපතන විදුහල් පළමු ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී ලකුණු 222 ක් ලබා සිටියදී තරගය අවසන් විය.

ඉසිපතන විදුහල වෙනුවෙන් සංජුල අබේරත්න අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 75 ක් රැස් කළේය.

පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 252 ක් රැස්කර සිටි තර්ස්ටන් විදුහල කඩුලූ 8 ක් දැවී ලකුණු 291 ක් ලබා සිටියදී අද පෙරවරුවේ ඉනිම අත්හිටුවීය.

තර්ස්ටන් විදුහල වෙනුවෙන් කසුන් අබේරත්න ලකුණු 147 ක් රැස් කිරීමට සමත් විය. කසුන් අබේරත්න තරගයේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය.

ඉසිපතන විදුහලේ ප‍්‍රමෝද් මධුවන්ත දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දු යවන්නා සම්මාන දිනාගත්තේය.


තර්ස්ටන් විදුහල පළමු ඉනිම  ඕවර 108 කදී කඩුලූ 8 ට 291
(කසුන් අබේරත්න 147, සජිත් ගුණතිලක 35, චරණ නානායක්කාර 37, ඉමේෂ් විරංග 27, ප‍්‍රමෝද් මධුවන්ත 60/4, ළහිරු ඩිල්ෂාන් 86/3)
 
ඉසිපතන විදුහල පළමු ඉනිම  ඕවර 78 කදී කඩුලූ 8 ට 222
(සංජුල අබේරත්න 75, විෂාද් රන්දික 43, ප‍්‍රමෝද් මධුවන්ත නොදැවී 44, විපුල් ලක්‍ෂාන් 36/2, ඉසිත විජේසුන්දර 33/2, ඩිලාන් මධුසංඛ 63/3)

 


අදහස් (0)

තර්ස්ටන් ‐ ඉසිපතන මහ ක‍්‍රිකට් තරගය විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.