කොළඹ තර්ස්ටන් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් දිනා ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
තරගය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත බෙනඩික් විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.
තර්ස්ටන් විදුහල වෙනුවෙන් ශතකයක් (107) ලබාගැනීමට ඉසුරු ප‍්‍රනාන්දු සමත් විය.
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 120
(තුලින දිල්ෂාන් 48, තේනුක සිල්වා 24, ගීතික ජයතිලක නොදැවී 20, අයේෂ් වීරරත්න 7/4, චරන නානායක්කාර 16/2, නවෝද් සමරකෝන් 20/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 255
(ඉසුරු ප‍්‍රනාන්දු 107, චරන නානායක්කාර 46, කසුන් අබේරත්න 23, ගීතිකා ජයතිලක 61/3)
ශාන්ත බෙනඩික් විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 113
(ජනිඳු කරුණාතිලක නොදැවී 40, තිමිර ජයසිංහ 30/4)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.