Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගයේ පාලනය අපෙන් උදුරා ගත්තා
ආසියානු කුසලාන

තරගයේ පාලනය අපෙන් උදුරා ගත්තා

editorial - 2022 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට...)

පැතුම් නිස්සංක (52) සහ කුසල් මෙන්ඩිස් (57) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ගො‍ඩනැගූ ලකුණු 97 ක සම්බන්ධතාව තරග‍යේ හැරවුම් ලක්ෂය බවට පත්වූ බවත්, එම සම්බන්ධතාව ගොඩනගමින් ආරම්භයේ සිටම ඔවුන් දෙදෙනා තරගයේ පාලනය ඉන්දීය කණ්ඩායමෙන් උදුරාගත් බවත් නායක රෝහිත් ශර්මා පවසයි. ඉන්දු - ශ්‍රී ලංකා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

“ඇත්තටම ශ්‍රී ලංකාව පළමු කඩුල්ලට‍ ගොඩනැගූ සම්බන්ධතාව තරගයේ හැරවුම් ලක්ෂය වුණේ. ඔවුන් මුල් ඕවර 10 තුළ කඩුල්ලක් නොදී ලකුණු 90 ක් රැස්කිරීමෙන්ම අපි හුඟක් පස්සට තල්ලු වුණා. ඉතුරු ඕවර 10 දී ඔවුන්ට ලබාගන්න තිබුණ ලකුණු 70 ක් 75 ක් විතරයි. ඒකට ඔවුන් සතුව කඩුලු 10 ක් තිබුණා. ඔවුන්ගේ එම විශ්ෂ්ඨ ආරම්භයෙන් පසුව තරගයේ පාලනය අපේ අතට ගන්න අපි කොච්චර උත්සාහ කළත් අපිට ඒක කරන්න බැරි වුණා.” යැයි ශර්මා පැවසීය.

‍හොං කොං පිලට සහ පාකිස්තානයට එරෙහිව පිට පිටම අර්ධ ශතක දෙකක් ලබා සිටි විරාට් කෝලිට මෙම තරගයේදී එක් ලකුණක් හෝ ලබාගැනීමට දිල්ෂාන් මධුෂංක ඉඩක් නොදුන්නේය. ඉන් නොනැවතුණ මධුෂංක, ඉනිමේ 19 වැනි ඕවරය ලකුණු 4 කට සීමා කරමින් එහිදී දීපක් හූඩා සහ රිෂාබ් පාන්ටද දවාගත්තේ ඉන්දීය කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථා වළක්වාලමිනි.

“ඇත්තටම ඔහු හුඟක් හොඳ පන්දු යවන්නෙක්. ඔහුට හොඳ වේගයක් වගේම දෝලනයක් තියෙනවා. පළමු වරට තමයි මම ඔහුට මුහුණදුන්නේ. ඔහුට හොඳ අනාගතයක් තියේවි කියලා මම හිතනවා.” යැයි එහිදී මධුෂංක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශර්මා කියා සිටියේය.

“මේ තරගාවලියට සහභාගි වෙලා ඉන්න හැම කණ්ඩායමක්ම ඉතාමත් හොඳ මට්ටමක සිටින කණ්ඩායම්. එත් හොඳ කණ්ඩායම් වුණ පළියට තරග දිනන්න බෑ. දිනන්න නම් සඳහා ඔවුන්ට තරගයේදී හොඳින් ක්‍රීඩා කරන්න වෙනවා. ඒක හරිම සරල දෙයක්. අපිත් එක්ක ක්‍රීඩා කරන කිසිම කණ්ඩායමක් අපි අවතක්සේරු කරන්නෙ නෑ. හැම තරගයකදි අපේ උපරිමය කරනන්යි අපි උත්සාහ කරන්නෙ.”

“ඒ නිසා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු විදිය ගැන අපි පුදුම‍ වෙන්නෙ නැහැ. අපි දැනන් හිටිය එයාලට කරන්න පුළුවන් මොනවද කියලා. විශේෂයෙන්ම එයාලා ක්‍රීඩා කරපු අවසන් තරග දෙක දිහා බැලුවාම හොඳටම පේනවා ශ්‍රී ලංකාව කියන්නෙ හුඟක් හොඳ කණ්ඩායමක් කියලා. ඒ නිසා මම හිතනවා කිසිම කණ්ඩායමක් ලේසියට ගන්නෙ නැතුව තමන්ට පුළුවන් උපරිමය කරනවා නම් අපිට තරග ජයගන්න බැරි වෙන එකක් නෑ කියලා” යැයිද ශර්මා පැවසීය.


අදහස් (1)

තරගයේ පාලනය අපෙන් උදුරා ගත්තා
  • Asela Wednesday, 07 September 2022 08:22 PM

    අන්න එහෙම එන්න. ස්තූතියි ඔබගේ අගය කිරීමට...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.