Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරගය දඟ පන්දු යවන්නන් අතේ
පළමු ටෙස්ට් තරගය (දෙවන දිනය)

තරගය දඟ පන්දු යවන්නන් අතේ

editorial - 2021 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විතීවි අවස්ථාවක් අපතේ හැරීමෙන් කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප‍්‍රයෝජන ගත් නමුත් පන්දු 7 ක් ඇතුළතදී කඩුලූ දෙකක් දවාගත් රමේෂ් මෙන්ඩිස් තරගය උඩුයටිකුරු කළේය. එතැනින් නැවතත් ග‍්‍රහණය දැඩි කළ ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (22 වැනිදා) ලකුණු 100 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් 6 දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවූහ.

දිනය අවසානයේ තරගය නතර කරන විට කොදෙව් පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 386 ක් ලබාගත් හෙයින් මෙම තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවමානයෙන් ගැලවීමට නම් කොදෙව් පිල ලකුණු 187 ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුව තිබේ.

සිව්වැනි  ඕවරයේදීම විතීවි අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ නම් සිව්වැනි  ඕවරයේදීම ආරම්භක පිතිකරු ජර්මේන් බ්ලැක්වුඞ් දවාගත හැකිව තිබිණ. එහෙත් එය ගිලිහීි යාම නිසා කොදෙව්වෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. පරිස්සම් සහගත ගමනක යෙදුණද ලකුණු 20 දී ජර්මේන් බ්ලැක්වුඞ්ගේ ඉනිම නිමා කිරීමට ලසිත් ඇඹුල්දෙණියට හැකිවිය. එය ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් තරග 12 කදී ලබාගත් 50 වැනි කඩුල්ල ද විය.

පිතිකරුවාගෙන් ඉවතට තියුණු ලෙසින් දඟ කැවුණු පන්දුවකින් නිකෲමා බෝනර් දවාගත් ප‍්‍රවීන් ජයවික‍්‍රම ඉතා ඉක්මනින්ම සිය වැඩ ආරම්භ කළේ ගාල්ල තණතීරුවේදී දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට වඩා අබලන් ගුවන් යානයක ගමන් කිරීම යහපත් යයි සිතෙන තරමටය. ඒ අතරවාරයේදී පන්දු 7 ක් ඇතුළතදී නායක ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් සහ ෂායි හෝප් දවාගත් පිට දඟ පන්දු යවන්නා, රමේෂ් මෙන්ඩිස්, තරගය ගමන්ගත් මාවත වෙනස් කළේය.

පිතිකරුවා වෙත අවතීර්ණ වන කෝණය වෙනස් කරමින් දුෂ්මන්ත චමීර විසින් යවන ලද දෙවැනි  ඕවරයේ තුන්වැනි පන්දුව ජර්මේන් බ්ලැක්වුඞ්ගේ පා ආවරණයේ වදින විට ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි. එය දැවී යාමක් යයි පන්දු යවන්නා ඉල්ලීමක් කළ නමුත් සෙස්සන්ගෙන් එතරම් සහයෝගයක් නොලැබිණ. නායක දිමුත් කඩුලූ රකින්නා දෙස බැලූවත් චන්දිමාල් ද සිතුවේ එය කඩුල්ලේ නොවදින බවකි. විතීවි අවස්ථාව අපතේ ගියේය. එහෙත් පන්දුවේ ගමන් මග නිරූපනය කෙරෙන රූපවාහිනී ප‍්‍රතිදර්ශන වලින් දැකගත හැකිවූයේ පන්දුව බ්ලැක්වුඞ්ගේ පා ඉන්නේ වදින බවකි.

සුරංග ලක්මාල් තවත්  ඕවරයක් යැවූ නමුත් තේ පානයට පෙර අවසන්  ඕවර දෙක යැවීමට වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා කැඳවන ලදින් කොදෙව් පිතිකරුවෝ නොසිතූ පීඩනයකට ලක්වූහ. සිය මුල්ම  ඕවරයේදීම ජයවික‍්‍රම තමන්ගේ වාසියට තීන්දුව ලබාගත් නමුත් එය විතීවි වෙත යොමුකළ බ‍්‍රැත්වෙයිට් ලකුණු 5 දී අනතුරෙන් මිදුණේය.

ආරම්භක පිතිකරුවන් අතර හොඳ සම්බන්ධතාවක් තිබූ නමුත් ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් කොදෙව් පිලේ කඩුලූ 6 ම ලකුණු 54 ක් ඇතුළත බිඳ වැටිණ.

අවසන් පිතිකරුවන් දෙදෙනා වූ ලසිත් ඇඹුල්දෙණිය (17) සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම (නොදැවී 08) එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 25 ත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 386 කට දැවී ගියේය. දිවා ආහාරයෙන් පසුව ලකුණු 6 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනක්ම දැවී ගිය නමුත් ඇඹුල්දෙණිය සහ ජයවික‍්‍රම එක්ව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 380 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

නායක දිමුත් කරුණාරත්න, විනාඩි 434 ක ඉනිමකින් පසුව, ලකුණු 147 කට දැවී ගිය අතර ධනංජය ද සිල්වා ලකුණු 67 කට දැවී ගියේ ඉතා අවාසනාවන්ත ලෙසින් පිත්ත කඩුල්ලේ වැදීමෙනි. කෙසේ වෙතත් ඉතිරිවී සිටින එකම නම්දැරූ පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් මත ශී‍්‍ර ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව රඳා පවතී.

පළමු දිනයේ වෙහෙසකර පන්දු යැවීමකින් පසුව දෙවැනි දින පෙරවරුවේදී සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත් කොදෙව් පන්දු යවන්නෝ ලකුණු 50 ක් ඇතුළත ශී‍්‍ර ලංකා පිතිකරුවන් තිදෙනකුම ආපසු කී‍්‍රඩාගාරයට යැවූහ. ඊයේ දිනයේ නොදැවී සිටි පිතිකරුවන් දෙදෙනාම පැයක් ඇතුළත  ආපසු යැවීම කොදෙව් පන්දු යවන්නන් ලද ජයග‍්‍රහණයකි. එහෙත් ඒ සියල්ලට මූලික වූයේ ෂැනන් ගේබි‍්‍රයෙල්ගේ පන්දුවකි.

ගේබි‍්‍රයෙල්ගේ පන්දුවක් හමුවේ ධනංජය ආරක්‍ෂිත පහරක් ගැසූ නමුත් ඉපිළුණු පන්දුව කඩුල්ල මත පතිත වීමට මෙන් ඉහළ ගියේය. එය වැළැක්වීමට මෙන් සැණෙකින් ආපසු හැරුණු ධනංජය පිත්තෙන් පන්දුව පැත්තකට තල්ලූ කිරීමට උත්සාහ කළේය. පළමු වතාවේදී පන්දුව මඟ හැරුණු හෙයින් දෙවැනි වරටත් පන්දුව පැත්තකට තල්ලූ කිරීමට ගත් උත්සාහයේදී ධනංජයගේ පිත්ත ඔහුගේ පා ඉන්නේ වැදීම නිසා පිත්ත කඩුල්ලේ වැදීම හේතුවෙන් ධනංජය දැවී ගියේය.

සුරංග ලක්මාල් අංක 8 ට පිවිසීම ශී‍්‍ර ලංකා පිලේ පිතිකරු ලයිස්තුව යම් තරමකට කෙටි වීමකි. කෙසේ වෙතත් ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම කිහිපයේදී නොදැවී ලකුණු 22 ක් සහ ලකුණු 12 ක් ලබාගැනීමට ලක්මාල් සමත්වීම නිසා ඔහු කෙරේ යම් තරමක බලාපොරොත්තුවක් තැබිය හැකිය. ශී‍්‍ර ලංකා පිලේ බලාපොරොත්තු කඩවීම වුයේ තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින රමේෂ් මෙන්ඩිස් ලකුණු 13  කට දැවී යාමයි.

දිමුත් කරුණාරත්න කොහොමටත් පිඹුරු දඩයම් කරන්නෙකි. ඔහුගේ ටෙස්ට් ශතක 13 න් 7 ක්ම ලකුණු 140 ඉක්මවූ ඉනිම වෙයි. පැය 7 කට වැඩි කාලයක් තිස්සේ කොදෙව් පන්දු යවන්නන් වෙහෙසට පත්කළ වමත් පිතිකරුවාගේ පසු පාදය, සීමා ඉරෙන් යන්තමින් ඉදිරියට පැමිණි අවස්ථාවේදී කඩල්ල බිඳ දැමීමට ජොෂුවා ද සිල්වා සමත් වූයේය. ඒ වන විට පන්දු 300 කට මුහුණ දී සිටි කරුණාරත්න ඒවායින් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ.

කොදෙව් පිලේ දැනට සිටින වේගවත්ම පන්දු යවන්නා වන ෂැනන් ගේබි‍්‍රයෙල්ගේ කෙටි පන්දු කිහිපයක් හමුවේ තරමක අපහසුතාවට පත්වූ නමුත් දිනේෂ් චන්දිමාල් ඉතා ඉක්මනින් සිය ආත්ම විශ්වාසය ගොඩනඟා ගත්තේය.

සුපුරුදු කවර් ඩ‍්‍රයිව් පහරත්, පුල්, බැක් කට් සහ ස්වීප් පහරත් කරා ඉක්මනින්ම අවතීර්ණ වූ චන්දිමාල් පැය දෙක හමාරකට ආසන්න කාලයක් සිය කඩුල්ල රැකගෙන සිටියද පසුපෙළ පිතිකරුවන් මැද ලකුණු ලබාගැනීමට ගත් උත්සාහයේදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

මේ වන විට සීමිත  ඕවර කණ්ඩායම් දෙකින්ම ඉවතට විසිවී සිටින දිනේෂ් චන්දිමාල්ගේ කි‍්‍රකට් අනාගතය මෙම ටෙස්ට් තරගාවලියේ දස්කම් මත රැුඳී තිබෙනු නිසැකය.

 

 


අදහස් (0)

තරගය දඟ පන්දු යවන්නන් අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.