Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිස්ස මැදි විදුහලට කඩුලු 6 ක ජයක්

තිස්ස මැදි විදුහලට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කොළඹ අශෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය දී කොළඹ අශෝක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ මිතිර තෙනුර ලකුණු 45 කට කඩුලු 10 ක් සහ රෝහන් සංජය කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ. කොළඹ අශෝක විද්‍යාලයේ ලසිත චේතන (නොදැවී 113) ශතකයක් සහ කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

අශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(මිතිර තෙනුර 19/6, රෝහන් සංජය 10/4)

තිස්ස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(තාරක සඳරුවන් 38, ලසිත් ද සිල්වා නොදැවී 34, සංචන ලංකා 24, සචින් හිමේෂ් 21, ලසිත චේතන 32/5, අවිශ්ක පෙරේරා 27/2)

අශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 57.1 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(ලසිත චේතන නොදැවී 113, රෝහන් සංජය 41/5, මිතිර තෙනුර 26/4)

තිස්ස විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 15.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 60
(යොහාන් අවිශ්ක නොදැවී 27, මිතිල තේනුක නොදැවී 20, උදේශ් තේනුක 29/3)


අදහස් (0)

තිස්ස මැදි විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.