Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ති‍්‍රත්ව විදුහල අවසන් තරගයට

ති‍්‍රත්ව විදුහල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන කි‍්‍රකට් තරගාවලියේ හෙට (5 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම අද (4 වැනිදා) සමත්විය. 

අද පැවති පළමු අවසන් පූර්ව තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායමට එරෙහිව කඩුලූ 7 ක ජයක් වාර්තා කරමින් ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේය. පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රොන් චන්ද්‍රගුප්ත තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.


අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම -  ඕවර 20 කදී සියලූදෙනා දැවී 128
(ඉසුරු චතුරංග 22, පසන් පි‍්‍රයරංග 21, සොහාන් ජයමාල් නොදැවී 26, රවීන් සේයර් 14/2, චතුර ජයසුන්දර 18/2)

මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම -  ඕවර 17 කදී කඩුලූ 3 ක් දැවී 131
(කවීන් හීන්දුම 26, මාධව මුණවීර 34, රොන් චන්ද්‍රගුප්ත 37, එස්. ශානුගීත් නොදැවී 23)

 

- 036


අදහස් (0)

ති‍්‍රත්ව විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.