Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කෑගල්ල ශා. මරියා විදුහල් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 68 ක ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල් පිල අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රිච්මන්ඞ් විදුහලේ තිලංග උදීශාන පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකෙහිදී ලකුණු 61 කට කඩුලු 10 ක් දවාගැනීමට සමත්විය.
ශා. මරියා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 22.5 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(අශාන් සේනාධීර 31, සජීව රංජිත නොදැවී 19, තිලංග උදීශාන 41/5, ධනංජය ලක්ෂාන් 38/4)
රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 73 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 248
(හසරු චාමිකර 60, රවිශ්ක විජේසිරි 60, දුවින් සසිඳු නොදැවී 50, තිමිර කුමාර 55/3, මාස් රහීම් 76/4)
ශා. මරියා විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(මාස් රහීම් 32, තිලංග උදීශාන 20/5, සඳුන් මෙන්ඩිස් 19/2, ධනංජය ලක්ෂාන් 20/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.