Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුෂාන් වීරසිංහගේ වේගවත් පිතිහරඹය හමුවේ අන්තර් පාසල් වයස් 19 න් පහළ සිංගර් කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහනුවර ත‍්‍රිත්ව විදුහල සමත් විය.
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ඩි.එස් සේනානායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගනිමින් මහනුවර ත‍්‍රිත්ව විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඕවර 15.2 කදී කඩුලූ 2 පමණක් දැවී තම ඉලක්කය පසුකර යෑමට සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවූ නුෂාන් වීරසිංහ පන්දු 48 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් ලබාගත්තේය.
පළමු කඩුල්ල සදහා ෂන්මුගනාදන් ෂනෝගීත් (25) සමග එක්ව ලකුණු 47 ක සම්බන්ධතාවයක් පැවැත්වූ නුෂාන් වීරසිංහ (නොදැවී 60) තෙවැනි කඩුල්ල සදහා වයි. පිටවල (නොදැවී 31) සමග එක්ව ලකුණු 70 ක නොබිදුණු සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් විය.
මුලින් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහලේ මුල් පිතිකරුවන් පස්දෙනා ලකුණු 67 කට දැවී ගිය අතර තරූෂ ප‍්‍රනාන්දු නොදැවී 38 ක් ලබාගනිමින් තම කණ්ඩායම ලකුණු 124 ක් දක්වා රැුගෙන යෑමට සමත්විය.
මහනුවර ති‍්‍රත්ව විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර පළමු අවසන් පූර්ව තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.
ශා. සෙබස්තියන් විදුහල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 124
(සදරුවන් ප‍්‍රනාන්දු 19, අවිශ්ක ප‍්‍රනාන්දු 18, නුවනිදු ප‍්‍රනාන්දු 18, තරූෂ ප‍්‍රනාන්දු නොදැවී 38, දුවිදු තිලකරත්න 20/3, ශන්මුගනාදන් ෂනෝගීත් 27/3, නුෂාන් වීරසිංහ 29/2)
ති‍්‍රත්ව විදුහල - ඕවර 15.3 කදී කඩුලූ 2 ක් දැවී 126
(ශන්මුගනාදන් ෂනෝගීත් 25, නුෂාන් වීරසිංහ නොදැවී 60, වයි. පිටවල නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.