Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩෝසන් එංගලන්ත ලෝක කුසලාන සංචිතයට

ඩෝසන් එංගලන්ත ලෝක කුසලාන සංචිතයට

editorial - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත මූලික සංචිතයට ඇතුළත්ව නොසිටි තුන් ඉරියව් ක්‍රීඩක ලයෑම් ඩෝසන් එහි අවසන් සංචිතයට ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඩෝසන් මේ වන විට එංගලන්තයේ සිටින දඟ පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටී. ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේදීය.

හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් මේ වසරේදී රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ඩෝසන් එහිදී කඩුලු 18 ක් දවාගනිමින් සහ ලකුණු 271 ක් රැස්කරමින් දස්කම් දැක්වීමට සමත් විය. මූලික සංචිතයට ඇතුළත්ව සිටි ජෝ ඩෙන්ලි වෙනුවට ඩෝසන් අවසන් සංචිතයට ඇතුළත් කිරීමට නියමිතය.

කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කරන ඩෙන්ලි, පා දඟ පන්දු යවන්නෙකි. පාකිස්තානු පිලට එරෙහිව ඉකුත්දා අවසන් වූ තරගාවලියේදී ආසාර්ථක වීම නිසා ඔහුට එංගලන්ත අවසන් සංචිතයේ ස්ථානය අහිමිවී තිබේ.

පාකිස්තානයට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වීමෙන් අනතුරව එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ටේ‍රවර් බේලිස් කියා සිටියේ මුයින් අලී සහ ආදිල් රෂීඞ්ගෙන් පසුව තම කණ්ඩායම සතුව සිටින හොඳම දඟ පන්දු යවන්නා ලයෑම් ඩෝසන් බවයි.

එම වෙනස්කමට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත අවසන් සංචිතයේ තවත් වෙනස්කම් දෙකක් සිදුකිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහිදී වේග පන්දු යවන ක්‍රීඩක ඬේවිඞ් විලී වෙනුවට ජොෆ්රා ආචර්ද, ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් වෙනුවට ජේම්ස් වින්ස්ද එංගලන්ත අවසන් සංචිතයට කැඳවා සිටිති.

එංගලන්ත අවසන් සංචිතය
ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාස්ට්‍රෝ, ජෝ රූට්, ජේම්ස් වින්ස්, ජොස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, මුයින් අලී, ආදිල් රෂීඞ්, ක්‍රිස් වෝක්ස්, ලයෑම් ප්ලන්කට්, ටොම් ලේතම්, ලයෑම් ඩෝසන්, ජොෆ්රා ආචර් සහ මාක් වුඞ්

-036 


අදහස් (0)

ඩෝසන් එංගලන්ත ලෝක කුසලාන සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.