ඩෙලන් - සචින් අතර පරතරය වැඩිවෙයි
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) 15 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටින ඩෙලන් පීරිස් (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) සහ දෙවැනි ස්ථානයේ රැදී සිටින සචින් සිල්වා (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල) අතර පවතින පරතරය ඡන්ද 6979 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1,842 ත් සමගින් ඩෙලන් පීරිස් මේ වන විට මුළු ඡන්ද සංඛ්‍යාව 16,1956 ක් ලබා සිටියි. සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 9,977 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන් ඇත්තේ ඡන්ද 1,153 ක් පමණි.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර සහ කොළඹ ආනන්ද විදුහලේ අසෙල් සිගේරා පිළිවෙලින් ඡන්ද 4,591 ක් සහ 2,849 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටිති.
කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 8,251 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 5,310 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 5,155 ක් දක්වා වැඩිකරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 3,754 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ඩෙල්රින් අමත්, 40/41, කටුවාවෙල පාර, මහරගම
2 ශලින්ති ලේකම්ගේ, 364/8, ජිනසේන මාවත, මහර, කඩවත
3 එච්. ඒ. හෙට්ටිආරච්චි, 325, මොරගල පාර, ඇහැළියගොඩ
4 දයන්ත ගුණරත්න, එච්.ඩී.එච්. එන්ටප්‍රයිසස්, ගුඞ්ෂෙඞ් පාර, රත්නපුර
-036