අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.
එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් ගවින් සෙන්හත් (79) සහ දේෂාන් හෙට්ටිගේ (53) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම මාධව චතුරංග ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 141
(කනිෂ්ක දිල්හාර 34, ප්‍රවීන් කුමාරපෙරුම 28, අතීෂ තිත්යුරු 25, මධව චතුරංග 29/5, චමිඳු කෞෂාල් 12/3, අභිෂේක් ලියනාරච්චි 29/2)
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 275
(ගවින් සෙන්හත් 79, දේෂාන් හෙට්ටිගේ 53, අභිෂේක් ලිනාරච්චි නොදැවී 41, මනුර පීරිස් 30, ජනිත් ඒකනායක 43/3, දිහිනුදු හේරත් 33/2, කනිෂ්ක දිල්හාර 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.