
කලවේ මස්පිඬු ඉරීමක් හේතුවෙන් මෙවර ලෝක කුසාලන තරගාවලියෙන් ඉවත්වන ඩිල්ෂාන් මධුෂංක වෙනුවට තවත් වමතින් දඟ පන්දු යවන්නකු වන බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩයාම සමග එක්වීම සඳහා බිනුර වහාම ක්‍රියාත්මක වන පරිදි ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යෑමට නියමිතය. විස්සයි-20 ජාත්‍යන්තර තරග 9 කට ක්‍රීඩා කර ඇති ඔහු, ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
තරගාවලිය අතරතුර ක්‍රීඩකයකු අබාධයකට ලක්වුව හොත් ඔහු වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයකු නම් කිරීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාගත යුතු වන අතර වසීම් ඛාන්, පීටර් රෝච්, ෂේන් ඩොයිල්, ෂෝන් පොලොක් සහ ඉයන් බිෂොප් යන මහත්වරු මෙම තරගාවලියේ තාක්ෂණික කමිටුව නියෝජනය කරති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.