ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ ෆෙරෝශා කොට්ලා ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර අද (10 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් ක‍්‍රමයට කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත්විය.
වර්ෂාව නිසා තරගයට වරින් වර බාධා ඇතිවූ අතර ජයග‍්‍රහණය සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 5 කදී ලකුණු 43 ක ඉලක්කයක් හිමිවිය. පන්දු 4 ක් තිබියදී කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට හයිද්‍රාබාද් පිලේ පිතිකරුවෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ශිකර් ධවාන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්තේය.
එහිදී පන්දු 19 කින් හයේ පහර 2 සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 35 ක් රැුස්කිරීමට නායක කෙවින් පිටර්සන් සමත්විය. ලකුණු 20 කට හයිද්‍රාබාද් පිලේ කඩුලූ 2 ක් දවාගත් ඬේල් ස්ටේන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 7 කට 143
(කෙවින් පීටර්සන් 35, මායන්ක් අගර්වාල් 25, දිනේෂ් කාර්තික් 39, ලක්ෂ්මි ශුක්ලා 21, අමිත් මිශ්රා 23/2, මොරිස් හෙන්රික්ස් 26/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 4.2 කදී කඩුලූ 2 කට 44
(නාමන් ඕජා නොදැවී 13, ඬේවිඞ් වෝනර් නොදැවී 12)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.