විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ තරගයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ඩක්වත් - ලූවිස් න්‍යායට අනුව ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය අද (19) සමත්විය.
වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත පිල කඩුලූ 3 ක් දැවී ලකුණූ 103 ක් ලබා සිටියේය.
අයර්ලන්ත පිලේ ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් ලකුණු 8 ක් ලබාසිටියදී තුවාල ලබා පිටියෙන් ඉවත්වීමත් සමග නායක විලියම් පොටර් ෆීල්ඞ් (නොදැවී 33) සමග එක්වූ එඞ් ජොයිස් (43) පළමු කඩුල්ලට පන්දු 68 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තම කණ්ඩායම ජයග‍්‍රාහී මාවතට යොමුකළේය.
කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේදී ඔවුන්ට කඩුලූ 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 123 ක් පමණි.
එක්සත් අරාබි එමීර් පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 123
(අම්ජාඞ් අලී 20, කුරාම් ඛාන් 16, ශයිමන් අන්වර් 30, අම්ජාඞ් ජාවිඞ් 19, පෝල් ස්ටර්ලින් 12/2, කෙවින් ඕ’ බ‍්‍රයන් 17/2)
අයර්ලන්ත පිල - ඕවර 14.2 කදී කඩුලූ 3 කට 103
(පෝල් ස්ටර්ලින් නෙදැවී 33, එඞ් ජොයිස් 43, ශරීෆ් අසදුල්ලා 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.