වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ මාස් ලීනියා පිල සහ මාස් යුනිචෙලා ‘බී’ පිල අතර කටුනායකදී පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 118 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මාස් ලීනියා පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 304 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා ‘බී’ පිල වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 33.5 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මාස් ලීනියා පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 303 ක් ලබාගත් අතර පබසර වඩුගේ (88), දමිත් පි‍්‍රයදර්ශන (77) සහ දුෂාන් විමුක්ති (52) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යව ඉහළ දැමූහ.
මාස් ලීනියා පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 303
(පබසර වඩුගේ 88, දමිත් පි‍්‍රයදර්ශන 77, දුෂාන් විමුක්ති 52, තිලක්ෂ සුමනසිරි 64/3, සංඛ රමේෂ් 61/2)
මාස් යුනිචෙලා ‘බී’ පිල - ඕවර 33.5 කදී කඩුලූ 8 ක් දැවී 155
(චතුර පීරිස් 37, ජිහාන් සියඹලාපිටිය 33, මංගල ප‍්‍රදීප් 38/4, ශාලක රංගජීව 23/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.