Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්ෂාන් - තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භයට

ඩිල්ෂාන් - තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භයට

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණය දිගින් දිගටම අසාර්ථක වන බව පෙනෙන්නට තිබූ අතර ඒ සඳහා විසඳුමක් වශයෙන් දිමුත් කරුණාරත්න යොදාගන්නා බව ලෝක කුසලාන සංචිතය මාධ්‍යයට එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සභාපති වරයා සඳහන් කළේය.

එහෙත්, පසුගිය නවසීලන්ත සංචාරයේදී දිමුත් අසාර්ථක වූ අතර ඩිල්ෂාන් හා තිරිමාන්න එම තරගාවලියේ අවසන් තරග තුනේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භක  කළහ.

ඔහිදී ඔවුන් දෙදෙනාට ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 50 ට වැඩි සබඳතාවක්  පවත්වා ගෙන යාමට හැකි විය. ( පස්වැනි තරගය (93), හයවැනි තරගය (56),  හත්වැනි තරගය (71) නමුත් ඩිල්ෂාන් හා දිමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ තරග තුනේදී ලකුණු 50 සීමාව පසුකර යාමට හැකිවූයේ එක් අවස්ථාවකදී පමණි. (පළමු තරගය (10), දෙවැනි තරගය (64), සිව්වැනි තරගය (11) ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය පිළිබඳව අද කළ විමසුමට ප‍්‍රතිචාර දැක්වූ සනත්,
 
"ළහිරු තිරිමාන්න හොඳටම දක්ෂතා දක්වනවා. ඒ ප‍්‍රශ්නය විසදුණා. 100% ක්ම ඩිල්ෂාන් එක්ක තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනවා” යැයි පැවසීය.

මේ වන විට කණ්ඩායමට විවේකය ලබාදී ඇතැයිද ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ඉලක්ක කරගෙන පුහුණුවීම් ආරම්භ කරන්නේ හෙට (05දා) සිට  බවද තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කළේය.

"තාම පුහුණුව ආරම්භ කළේ නෑ. ඒ අයට විවේකයක් දුන්නා. ඒ හින්දා මේ දවස් වල කණ්ඩායම  විවේකයෙන්  ඉන්නවා. පස්වැනිදායින් පසුව පුහුණුවීම් ආරම්භ කරනවා.”

ආබාධයන්ට ලක්ව ඇති ක‍්‍රීඩකයින් ගෙන් වාර්තා ඉල්ලා තිබෙන බවත් එම වාර්තා සලකා බලා වෙනත් ක‍්‍රීඩකයෙකු ආදේශ කිරීම පිළිබදව සලකා බලන බවත් සනත් සදහන් කළේය.

"ආබාධයන්ට ලක්වෙලා ඉන්න ක‍්‍රීඩකයින්ගෙන් වාර්තා ඉල්ලා තියෙනවා. ඒ වාර්තා අනුව කවුරු හරි ආබාධ සහිතව ඉන්නවානම් ඒ අය වෙනුවට වෙනත් අයෙකු යොදාගන්නවා. මැතිව්ස්ට උණ තිබුණා දැන් එයාගෙ තත්ත්වය හොදයි” යැයි වැඩිදුරටත් සදහන් කළේය.


අදහස් (7)

ඩිල්ෂාන් - තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.