ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කී‍්‍රඩකයන්ගේ විනය කඩකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට සහ තිසර පෙරේරාට දඩ නියම කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ඬේවිඞ් බූන් මහතා තීරණය කර තිබේ.
පමණට වඩා ඉල්ලීම් කිරීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන්ට සහ තිසර පෙරේරාට දඩ නියම කර ඇති අතර කී‍්‍රඩකයන් දෙදෙනාම තමන්ගේ වරද පිළිගත් හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවිණ.
ඩිල්ෂාන්ගේ තරග මුදලින් 25 % ක්ද තිසර පෙරේරාගේ තරග මුදලින් 20 % ක් ද දඩ ලෙස නියම කර ඇති අතර දෙදෙනාටම තදින් අවවාද කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.