Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටේප් බෝල් කි‍්‍රකට් ශූරතාව ස්ලිම්ටෙක්ස් පිලට

ටේප් බෝල් කි‍්‍රකට් ශූරතාව ස්ලිම්ටෙක්ස් පිලට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ටේප්බෝල් ක‍්‍රිකට් සම්මේලනය සංවිධානය කළ වෙළඳ සේවා ටේප් බෝල් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ‘සිංගර්’ අභියෝග ශූරතා කුසලානයට හිමිකම් කීමට කුලියාපිටිය මාස් යුනිචෙලා ස්ලිම්ටෙක්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ අනුශූරතාව පානදුර සුපර් ෆැෂන්ස් කණ්ඩායමට හිමිවිය.

පැලවත්ත, බුද්ධදාස ක‍්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 62 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා ස්ලිම්ටෙක්ස් කණ්ඩායම  ඕවර 6 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක්  ඕවර 8 කට සීමා කෙරුණ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර් ෆැෂන්ස් කණ්ඩායම එහිදී කඩුලූ 7 ක් දැවී ලකුණු 61 ක් රැස්කළේය.

මාස් යුනිචෙලා ස්ලිම්ටෙක්ස් කණ්ඩායමේ මෙහොමඞ් රිකාස් තරගාවලියේ වීරයා සහ අවසන් තරගයේ වීරයා සම්මාන ද්විත්වයම තමන් සතුකරගත්තේය. සුපර් ෆැෂන්ස් කණ්ඩායමේ කුමුදු සංජීව සහ යුනිචෙලා ස්ලිම්ටෙක්ස් කණ්ඩායමේ ෂෙහාන් මධුශංඛ පිළිවෙළින් දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත්හ.

සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 64 ක් සහභාගි වූ අතර කුළියාපිටිය මාස් යුනිචෙලා ස්ලිම්ටෙක්ස්, පානදුර සුපර් ෆැෂන්ස්, කටුනායක මාස් ෂැඩෝලයින්, මාවතගම මාස් කැෂුවල්ලයින්, රත්මලාන මැලිබන් බිස්කට්,  නුවරඑළිය ග‍්‍රෑන්ඞ් හෝටලය, පන්නල මාස් ස්ලිම්ලයින් සහ නෑබොඩ හේලීස් එම්. ජී. ටී. නිටින්ග් යන කණ්ඩායම් අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්හ.

තරගාවලියේ සමාප්ති උළෙල සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ වෙළඳ හා ප‍්‍රචාරණ ජ්‍යෙෂ්ඨ කළමණාකාර අසන්ත කරුණාරත්න මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 


- 036

 


අදහස් (0)

ටේප් බෝල් කි‍්‍රකට් ශූරතාව ස්ලිම්ටෙක්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.