Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා

ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාව හෝ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින  ඕස්ටේ‍්‍රලියාව සමග ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ දිනවල සාකච්ඡා පවත්වාගෙන යයි. ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ ශී‍්‍ර ලංකාවට හිමිවී ඇත්තේ 6 වැනි ස්ථානයයි.

මේ වසරේදී ශී‍්‍ර ලංකාව සහභාගි වීමට නියමිතය තිබුණේ ටෙස්ට් තරග 6 කට පමණි. එම තරග 6 න් පාකිස්තානු සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහි ටෙස්ට් තරග 4 ක් මේ වනවිටත් අවසන්ව තිබේ. තවත් තරග දෙකක් මැයි මාසයේදී එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් මේ වසර තුළදී ශී‍්‍ර ලංකාවේදී එකම ටෙස්ට් තරගයක්වත් නොපැවැත්වීම කෙරෙහි අවධානය යොමුකර ඇති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය  ඕස්ටේ‍්‍රලියානු හෝ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම් වසර මැදදී ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරතව සිටී.

මේ වන විටත් දකුණු අපි‍්‍රකාවේ තරග කරමින්, ඉතාමත් කාර්ය බහුල බවට පත්ව සිටින  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ගේ විවේකය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පැන නැගී ඇති බවත් එසේ වුවහොත් ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (15 වැනිදා) දහවල් ‘කෙළිමඬලට’ පැවසීය.

මෙම තරගාවලිය මේ වසරේ 2014 ජූලි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය එස්. එල්. පී. එල්. තරගාවලිය වෙනුවෙන් අත්හිටුවීමට සිදුවිය. එහෙත් අවසානයේදී එස්. එල්. පී. එල්. තරගාවලියද අවලංගු කරන ලදි.

 


අදහස් (0)

ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.