Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝසප් වාස්ට කඩුලු 8 ක ජයක්

ජෝසප් වාස්ට කඩුලු 8 ක ජයක්

Nisanka Sandeepani - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ නාලන්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය (64) අර්ධ ශතකයක් සහ ලකුණු 67 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා දස්කම් දැක්වීය.

නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.2 දී සියලුදෙනා දැවී ලකුණු 156
(සුහඟ විජේවර්ධන 59, නිපුන් ධනංජය 39/3, ආකාශ් කණිෂ්ක 22/2, දිනෙත් ප්‍රනාන්දු 49/2)

ජෝසප් වාස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.1 කදී සියලුදෙනා දැවී ලකුණු 204
(නිපුන් ධනංජය 64, තිලාන් ප්‍රදීප්ත 45, අංජන රුක්මාල් නොදැවී 51, ලක්ෂාත රසාංන 69/4)

නාලන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(සෂාන් දිනෙත් 19/4, නිපුන් ධනංජය 28/4)

ජෝසප් වාස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 33


අදහස් (0)

ජෝසප් වාස්ට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.