Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 29 ක ජයක්

ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 29 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ලකුණු 29 ක ජයක් හිමිකර ගැනීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත්විය. මෙම තරගය කටුණේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ශශාන් දිනෙත කඩුලු 9 ක් සහ ආකාශ් මලිෂ්ක කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූහ.

ඉශාන් වීරසූරිය පළමු ඉනිමේදී කඩුලු 6 ක්ද දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් ද දවාගනිමින් කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලය වෙනුවෙන් ලකුණු 78 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය

ජෝසප් වාස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(තිලාන් ප්‍රදීප්ත 41, ශොහාන් අනුරුද්ධ 28, ශශාන් දිනෙත් 27, ඉශාන් වීරසූරිය 40/6, සුපුන් කුමාර 27/2)

ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(සංජීව රංජිත් 37, ආකාශ් මලිෂ්ක 31/5, ශශාන් දිනෙත් 41/4)

ජෝසප් වාස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(ඉශාන් වීරසූරිය 38/5, සුපුන් කුමාර 24/4)

ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 109
(සුජිත් කුමාර 32, ශශාන් දිනෙත් 23/5, දනුෂ්ක නෙරංජන 36/4)


අදහස් (0)

ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 29 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.