වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.
එහිදී ජෝෂප් වාස් විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට අවිෂ්ක පෙරේරා (100) සමත් වූ අතර මෙනූෂ පෙරේරා (93), මෙනූෂ පෙරේරා (81) සහ විෂ්ව රාජපක්ෂ (50) අර්ධ ශතක ලබාගත්හ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ තරිඳු හේෂාන් සහ නවිඳු රෂ්මික කඩුලු 5 බැගින් දවාගනිමින් ශාන්ත ආනා විදුහලේ පළමු ඉනිම ලකුණු 20 කට සීමා කළහ.
ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 44.5 කදී කඩුලු 7 ක් දැවී 239
(මෙනූෂ පෙරේරා 81, විෂ්ව රාජපක්ෂ 50, නෙත්මල් ද සොයිසා 25, නවිඳු රෂ්මික 22, උවින් සංදීප නොදැවී 20, ආදිත්‍ය නිර්වාන් 44/3, යොමේෂ් සුබසිංහ 26/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 12 කදී සියලු දෙනා දැවී 20
(තරිඳු හේෂාන් 5/5, නවිඳු රෂ්මික 9/5)
ජෝෂප් වාස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 235
(අවිෂ්ක පෙරේරා 100, මෙනූෂ පෙරේරා 93, ධනංජය ලිවිනස් 26/3, කෙවින් නානායක්කාර 49/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.