අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර පානදුරේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ජෝශප් වාස් විදුහල සමත්විය.
ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් මියුශාන් ඔබ්රිෂ් පන්දු 124 කදී හතරේ පහර 14 නොදැවී ලකුණු 109 ක් රැුස්කළේය.
රුක්ෂාන් ප‍්‍රනාන්දු (94), සෙව්වින්ද සිල්වා (90) සහ මධුසංක කුමාර (55) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 450 ක් දක්වා ඔසවා තැබීමට මියුශාන්ට අගනා සහයක් ලබාදුන්හ.
හෂාන් චාමර ලකුණු 142 ක් රැුස්කළත් ඔහුගේ සහයට කිසිවකු නෙමැතිවීම නිසා පානදුර රාජකීය විදුහලේ පළමු ඉනිම ලකුණු 303 කට සීමාවිය. පන්දු 182 කින් වාර්තා කළ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 18 ක් ඇතුළත් විය.
ජෝශප් වාස් විදුහලේ මතීෂ විබෝධ ලකුණු 115 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජෝශප් වාස් විදුහල පළමු ඉනිම ඕවර 95 කදී කඩුලූ 5 කට 450
(මියුශාන් ඔබ්රිෂ් නොදැවී 109, රුක්ෂාන් ප‍්‍රනාන්දු 94, සෙව්වින්ද සිල්වා 90, මධුසංක කුමාර 55, දුල්ෂාන් පෙරේරා 48, හසිත ධනංජය 49/2, ලක්ෂාන් ද සිල්වා 59/2)
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 82 කදී සියලූදෙනා දැවී 303
(හෂාන් චාමර 142, ලක්ෂාන් ද සිල්වා නොදැවී 35, මතීෂ විබෝධ 115/5)
ජෝශප් වාස් විදුහල දෙවැනි ඉනිම ඕවර 13 කදී එක් කඩුල්ලකට 36
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.