Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවති තරගයකදී, පුත්තලම මාන්පුරිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 82ක විශිෂ්ට ජයක් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය ඊයේ (29) සමත් විය. මෙම තරගය ජෝශප් වාස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෝශප් වාස් විද්‍යාලයේ විෂල් ප්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 19කට කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 23කට කඩුලු 4 ක් සමගින් ඉනිම් දෙකේදී කඩුලු 8ක් බිඳ හෙළීය. ඔහුට මනා සහයක් ලබාදුන් නිපුන් සුහඳ ලකුණු 13 කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.
ශාන්ත ජෝශප් වාස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 7කට ලකුණු 260
(උවින් සන්දීප 80, රුචිර පවන් 63, සඳරු නවෝද්‍ය 31, යොහාන් රාහුල් නොදැවී 21 )
මාන්පුරිය මධ්‍ය මහා විද්‍යාල පළමු ඉනිම - ඕවර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 51
(නිපුන් සුහඳ 13/5, විශාල් ප්‍රනාන්දු 19/4, )
මාන්පුරිය මධ්‍ය මහා විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 21.5දී සියලු දෙනා දැවී ලකුණු 127
(තේෂාන් චරින්ද 41, විෂල් ප්‍රනාන්දු 23/4, ෂෙවෝන් ඩිලක්ෂ 30/4, බරන පබසර 05/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.