වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සම්පත් බැංකුව පරදවා ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 5 කින් ජයගැනීමට ජෝන් කීල්ස් පිල අද (26 වැනිදා) සමත්විය.
මෙම තරගය තර්ස්ටන් විද්‍යලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සම්පත් බැංකු කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ජෝන් කීල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 298 රැස් කිරීමට ජෝන් කීල්ස් පිලට හැකිවිය. ඉෂාන් ජයරත්න (66) සහ ජනක ගුණරත්න (52) අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු 299 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතරකරන විට ඕවර 45 කට කඩුලූ 7 ක් දැවී ලකුණු 259 ක් රැුස් කරගෙන සිටියද ඩක්වත් ලූවිස් න්‍යය අනුව ලකුණු 5 කින් තරගය පරාජය වන්නට සිදුවිය. සමීන් කඳනආරච්චි (55) සහ තිළිණ කණ්ඩම්බි (නොදැවී 50) අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.
ජෝන් කීල්ස් ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 298
(ඉෂාන් ජයරත්න 66, ජනක ගුණරත්න 52, රොෂේන් සිල්වා 44, දිල්හාර ලොකුහෙට්ටිගේ 41/3, දසුන් ශානක 41/2, නුවන් පෙරේරා 59/2)
සම්පත් බැංකුව ඕවර 45 කදී කඩුලූ 7 ක් දැවී 259
(සමීන් කඳනආරච්චි 55, තිළිණ කණ්ඩම්බි නොදැවී 50, ජීවන් මෙන්ඩිස් 44, , දිල්හාර ලොකුහෙට්ටිගේ 38, කනිෂ්ක ඇල්විටිගල 54/3, ජනක ගුණරත්න 43/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.