Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝන් කීල්ස් ‘බී’ පිලට කඩුලූ 5 ක ජයක්

ජෝන් කීල්ස් ‘බී’ පිලට කඩුලූ 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ කොමාර්ෂල් බැංකු පිල සහ ජෝන් කීල්ස් ‘බී’ පිල අතර මග්ගොන සරේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ පිල සමත්විය.

වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක්  ඕවර 38 කට සීමාවූ අතර ජයග‍්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ජෝන් කීල්ස් ‘බී’ පිල  ඕවර 32 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී අගනා පිතිහරඹයක නිරත වූ එස්. ඞී. ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 107 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. පන්දු 76 කදි වාර්තා වූ ඔහුගේ වේගවත් ශතකයට හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
 
සසිඳු පෙරේරා (නොදැවී 37) සමග එක්ව ජෝන් කීල්ස් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත්විය.

ජෝන් කීල්ස් පිලේ පිතිකරුවන් සිව්දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට කොමාර්ෂල් බැංකු පිලේ අනුරාධ රාජපක්ෂ සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොමාර්ෂල් බැංකු පිල නියමිත  ඕවර 38 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 160 ක් ලබාගත්තේය.
 
එහිදී කොමාර්ෂල් බැංකු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලක්ෂාන් සමරසේන පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 42 ක් රැස්කළේය.

කොමාර්ෂල් බැංක පිල -  ඕවර 38 කදී කඩුලූ 8 ක් දැවී 160

(ගිම්හාන් දිසානායක 16, ලක්ෂාන් සමරසේන 42, ප‍්‍රනීත් තිමංක 15, අචේල රණසිංහ 24, ජොහාන් ප‍්‍රනාන්දු 17, රවී සුබසිංහ 25/3, සසිඳු පෙරේරා 18/2)

ජෝන් කීල්ස් ‘බී’ පිල -  ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී 165

(එස්. ඞී. ප‍්‍රනාන්දු නොදැවී 107, සසිඳු පෙරේරා නොදැවී 37, අනුරාධ රාජපක්ෂ 28/4)


- 036


අදහස් (0)

ජෝන් කීල්ස් ‘බී’ පිලට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.