වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී ඩී. එච්. ටී. සිමෙන්ති සමාගම් කණ්ඩායම පරදවා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගය අද (25 වැනිදා) වෙළෙඳ සේවා ක්‍රීඩා සාමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පන්දුයැවීමක නිතර වූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායමේ සසිඳු පෙරේරා ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. ඩී. එච්. ටී. සිමෙන්ති සමාගම් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සසිඳුට අනගි සහයක් දුන් අෆ්ටාබ් කේදර් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ඩී. එච්. ටී. සිමෙන්ති සමාගම් පිල - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 74
(දසුන් සෙනෙවිරත්න 24, සසිඳු පෙරේරා 14/4, අෆ්ටාබ් කේදර් 18/3, නුවන් තුෂාර 7/2)
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිල - ඕවර 9.1 කදී කඩුල්ලක් දැවී 76
(මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.