Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝන් කීල්ස් අවසන් මහ තරගයට

ජෝන් කීල්ස් අවසන් මහ තරගයට

editorial - 2022 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

වෙළඳසේවා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉෂාන් ජයරත්න නායකත්වය දරණ ජෝන් කීල්ස් පිල සමත්විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 131 ක ඉලක්කයක් හඹාගිය ජෝන් කීල්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

එහිදී කවින් බණ්ඩාර සහ සචිත ජයතිලක ලකුණු 35 බැගින්ද, ශෙරාන් ෆොන්සේකා ලකුණු 28 ක් ද ලබාගනිමින් ජෝන් කීල්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගැනීමට ගයාන් සිරිසෝම සමත්වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනාගත් ජෝන් කීල්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හැටන් නැෂනල් බැංකු පිලට ඕවර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130 ක් පමණි.
එහිදී ක්‍රීෂාන් සංජුල ලකුණු 41 ක් ද, සඳුන් වීරක්කොඩි ලකුණු 32 ක් සහ රන්මිත් ජයසේන ලකුණු 22 ක් ලබාගැනීමට සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය, මාලිංග අමරසිංහ සහ මොහොමඩ් ඩිල්ෂාඩ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

මෝඩ් ඉංජිනියර්ස් සහ ජෝන් කීල්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය 25 වැනිදා උදෑසන වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


හැටන් නැෂනල් බැංකුව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 130
(සඳුන් වීරක්කොඩි 32, ක්‍රිෂාන් සංජුල 41, රන්මිත් ජයසේන 22, අකිල ධනංජය 18/2, මාලිංග අමරසිංහ 25/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 30/2)

ජෝන් කීල්ස් - ඕවර 19.4 කදී කඩුලු 8 ක් දැවී 131
(ශෙරාන් ෆොන්සේකා 28, කවින් බණ්ඩාර 35, සචිත ජයතිලක 35, ගයාන් සිරිසෝම 26/4)

 


අදහස් (0)

ජෝන් කීල්ස් අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.