වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජොන් කීල්ස් පිල ඊයේ (23 වැනිදා) සමත්විය. ඒ තරගාවලියේ පළමු අවස් පූර්ව තරගයේදී ලකුණු 26 කින් මාස් යුනිචෙලා පරාජය කරමිනි.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 30 කට සීමා විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය මාස් යුනිචෙලා පිලට ඕවර 29.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 177 ක් පමණි.
මධුක ලියනපතිරණගේ ලකුණු 55 කට කඩුලූ 4 ක් දවාගනිමින් ජොන් කීල්ස් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජොන් කීල්ස් පිල නියමිත ඕවර 30 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 203 ක් ලබාගත්තේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රොශාන් සිල්වා නොදැවී ලකුණු 94 සහ ජානක ගුණරත්න නොදැවී ලකුණු 86 බැගින් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යව ඉහළ දැමූහ.
ජොන් කීල්ස් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 164 ක නොබිඳුණ සම්බන්ධාතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත්වූහ.
පන්දු 90 කදී වාර්තා වූ රොශාන් සිල්වාගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 47 කදී වාර්තා වූ ජානක ගුණරත්නගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
මාස් යුනිචෙලා පිල වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගැනීමට ෆර්වීස් මහරුෆ් සහ ඩිල්රුවන් පෙරේරා සමත්වූහ.
ජොන් කීල්ස් පිල - ඕවර 30 කදී කඩුලූ 5 ක් දැවී 203
(රොශාන් සිල්වා නොදැවී 94, ජානක ගුණරත්න නොදැවී 86, ෆර්වීස් මහරුෆ් 41/2, ඩිල්රුවන් පෙරේරා 23/2)
මාස් යුනිචෙලා - ඕවර 29.1 කදී සියලූ දෙනා දැවී 177
(චාමර සිල්වා 52, මහේල උඩවත්ත 32, මධුක ලියනපරතිරණගේ 55/4, ඉෂාන් ජයරත්න 41/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.