Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවරදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් ඕස්ට්‍රේලියානු නායක ජේසන් සංගා ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව තවදුරටත් මුවහත් කරගත්තේය. ජය පරාජයෙන් තොරව නිමාවූ තරගයේ අවසන් දිනය වූ අද (23 වැනිදා), ජෙසන් සංගා සිය මංගල පළමු පෙළ ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව ඔහු වෙත ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදී නායකයාට සුබ පැතුහ.
තරගයේ නියමිත කාලය අවසන් වීමට පැය දෙකක් පමණ ඉතිරිව තිබුණත් දෙපිලටම මුල් ඉනිම හෝ සම්පූර්ණ කළ නොහැකිව තිබූ නිසා තරගය එතෙකින් අවසන් කිරීමට දෙපිලේම නායකයෝ එකඟ වූහ. හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සමන්විත වූ ඉනිම පුරාම ජේසන් සංගාට ශ්‍රී ලංකා ‘ඒ’ පන්ද යවන්නන් වෙතින් කිසිදු තර්ජනයක් නොතිබිණ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 485 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු ‘ඒ’ ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 558 ක් ලබා සිටියහ. තරග දෙකකින් සමන්විත වූ නිල නොවන ටෙස්ට් තරගාවලිය 0-0 ක් ලෙසින් නිමා විය.
දින 4 කට ආසන්න පුරා ලකුණු 1043 ක් වාර්තා වූ නමුත් ඒ දින හතර පුරාම බිඳ වැටුණේ කඩුලු 10 කි. ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු සහ පවන් රත්නායක දෙදෙනා ශතක ලබාගත්හ.
ජේසන් සංගා සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඔලිවර් පීකේ පන්දු 178 කින් ලකුණු 92 ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු නිලධාරීන් සතුටට පත්කරමිනි. ඔලිවර් තවමත් 18 හැවිරිදි පිතිකරුවකු වන අතර මහත් ඉවසිලිවන්තව පිතිහරඹයේ යෙදුණු ඔලිවර්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 6 කි.
ශ්‍රී ලංකා ‘ඒ - පළමු ඉනිම කඩුලු 6 ට 485 යි
ඕස්ට්‍රේලියානු ‘ඒ’ - පළමු ඉනිම කඩුලු 4 ට 558 යි
(නේතන් මැක්ස්වීනි 12, ජේක් වෙදරල්ඩ් 183, කර්ටිස් පැටර්සන් 59, ජේසන් සංගා නොදැවී 202, නිශාන් පීරිස් 144/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.