දකුණු අප‍්‍රිකානු පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩක ජැක් කලිස් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලබන වසර මුලදී ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ බලාපොරොත්තුවෙන් සිටිය ද පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී අසාර්ථක වීම හේතුවෙන් එක්දින අන්තර්ජාතික පිටියෙන් ද සමු ගැනීමට ජැක් කලිස් තීරණය කර තිබේ.
කලිස් සමුගැනීම නිවේදනයෙන් පවසා තිබුණේ ලබන වසරේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ සිහිනය ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව බිඳ වැටී ඇතැයි හැගුණු බවයි.
ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියේ තරග තුනේදී 38 හැවිරිදි ජැක් කලිස්ට රැුස්කළ හැකි වූයේ ලකුණු 5 ක් (0,1,4) පමණි. මෙම අසාර්ථකත්වය කලිස් එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් ද ඉවත්වීමට හේතු විය. පසුගිය වසරේ (2013* දෙසැම්බර් මස ඉන්දියාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති ටෙස්ට් තරගයෙන් පසුව ජැක් කලිස් ටෙස්ට් පිටියෙන් සමුගත්තේය.
ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ එදා මොදාතුර බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස සැළකෙන දකුණත් පිතිකරු ජැක් කලිස් ටෙස්ට් තරග 166 කදී සාමාන්‍ය 55.37 ක් රදවා ගමිනින් ලකුණු 13,289 ක් රැුස්කර තිබේ. එයට ශතක 45 ක් සහ අර්ධ ශතක 58 ක් ඇතුළත් වේ. දකුණතින් වේග පන්දු යවන කලිස් ටෙස්ට් කඩුලූ 292 ක් ද දවා ගැනීමට සමත්ව සිටියි.
ලෝක එක්දින පිටියේ සටන්කාමියකු වූ කලිස් එක්දින තරග 328 කදී සාමාන්‍ය 44.36 ක් පවත්වමින් ලකුණු 11,579 ක් රැුස්කර ඇති අතර එයට ශතක 17 ක් සහ අර්ධ ශතක 86 ක් ඇතුළත් වීම කැපී පෙනේ. කලිස් එක්දින කඩුලූ 273 ක් ද දවාගෙන තිබේ.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.