ජාත්‍යන්තර පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාග නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 176 ක පහසු ජයක් වාර්තා කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසල එම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසලේ පිතිකරුවන් ලකුණු 144 කට සීමා කිරීමට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පන්දුයවන්නෝ සමත් වූහ.
තනුජ අල්විහාර ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගනිමින් ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසලේ පිතිකරුවන් අසරණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් දිමුතු දිසානායක ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දක්ෂ පිතිහරඹය නිරත වූ සෙනිඳු බණ්ඩාර (183) පළමුවෙන් පන්දුවට පහරදුන් ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට සමත් විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී 320
(සෙනිඳු බණ්ඩාර 183, ලෂාන් ද මෙල් 78, යසිරු ද සිල්වා 20, අහමඞ් නූර්දීන් 23/2)
ස්ටැෆඞ් ජාත්‍යන්තර පාසල - ඕවර 33 කදී සියලු දෙනා දැවී 144
(නජිත් ගුණවර්ධන 22, අවිෂ්ක කොලොන්නෝවිට 22, සම්ප්‍රාස් ද සිල්වා 20, තනුජ අල්විහාර 29/4, දිමුතු දිසානායක 26/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.