Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලන තරගාවලියේදී ක්‍රීඩා නොකළ නමුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද ඉන්දීය කණ්ඩායමට ජස්ප්‍රීට් බුම්රා සහ හර්ෂාල් පතෙල් ඇතුළත් කර තිබේ. මේ දෙදෙනාම විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් පසුගිය ඉරිදා නිමාවූ ආසියානු කුසලාන තරගාවලියේදී ක්‍රීඩා නොකළහ.
ලෝක කුසලාන තරගාවලියේදී මොහොමඩ් සාමි අතිරේක ක්‍රීඩකයකු ලෙසින් තබා ඇති අතර අවේෂ් ඛාන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන අතර නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වේ.
මේ අතර ඕස්ට්‍රේලියානු සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වලට එරෙහිව තරග 3 ක් බැගින් වන විස්සයි-20 තරගාවලි දෙකකටද ඉන්දීය පිල සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලි දෙකම ඉන්දියාවේදී පැවැත්වේ.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලිය මේ මස 20, 23 සහ 25 දිනවලදීත්, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගාවලිය මේ මස 28, ඔක්තෝබර් 02 සහ 04 දිනවලදීත් පැවැත්වේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ලෝකේෂ් රාහුල් (උප නායක), විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, දීපාක් හූඩා, රිෂාබ් පන්ට්, දිනේෂ් කාර්තික්, හාර්ඩික් පාණ්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, යුෂ්වේන්ද්‍ර චාහල්, අක්ෂර් පතෙල්, ජස්ප්‍රීට් බුම්රා, බුවනේෂ්ර් කුමාර්, හර්ෂාල් පතෙල් සහ අර්ශ්දීප් සිං
අතිරේක ක්‍රීඩකයෝ :
මොහොමඩ් සාමි, ශ්‍රෙයාස් අයියර්, රවී බිෂ්නෝයි සහ දීපාක් චහාර්
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.