කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 28 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 27 න් තරග දෙකක් ජය ලබා සිටි ගුරුකුල විදුහල ලබාගත් තෙවැනි ජයග‍්‍රහණය මෙය වන අතර ධර්මාලෝක විදුහල මෙතෙක් ජයග‍්‍රහණයක් ලබා ගැනීමට අපොහොසත්ව සිටියි. ගුරුකුල විදුහල 2012 සහ 2014 වසරවලදී මහ ක‍්‍රිකට් තරග ජයග‍්‍රහණ ලබා තිබේ.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වු අද (24) පස්වරුවේ ගුරුකුල විදුහලට ඕවර 39 කදී ලකුණු 223 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමිවිය. සිතුම් රුසර (41), මලිදු විදුරංග (46) සහ නායක ජයමාල් වන්නිආරච්චි (46) වේගවත් පිතිහරඹයන්’හි නිරතවෙමින් ගුරුකුල විදුහලට ජය ගෙන දුන්හ.
පස්වැනි කඩුල්ල ලකුණු 166 කට බිද වැටී තිබියදී නායක ජයමාල් වන්නිආරච්චි සහ උදාර රවිදු එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 66 ක නොබිඳුණු සබදතාවක් පවත්වමින් ගුරුකුල විදුහල ජය මාවතට කැදවාගෙන ගියහ. ගුරුකුල විදුහල් කණ්ඩායම ඕවර 34 කදී ජයග‍්‍රහණහය සපුරා ගත්තේ ජයමාල් වන්නිආරච්චි ගැසු දැවැන්ත හයේ පහරකිනි. ජයමාල්, පන්දු 48 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 46 ලැබීය.
ධර්මාලෝක විදුහල් ක‍්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැුකීම හමුවේ ගුරුකුල විදුහල් පිතිකරුවන් දුවද්දී දැවී යාමට හසු කර ගැනීමේ අවස්ථා කිහිපයක්ම මග හැරී යාමෙන් ධර්මාලෝක විදුහලෙන් ජයග‍්‍රහණය ගිලිහී යාමද දක්නට ලැබිණ.
කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම ඕවර 60 කදී සියලූ දෙනා දැවී 196
(හිමලක ඉදුුරංග 34, මධුෂංක ද සිල්වා 31, රිසිත් උපමාල් 23, තරි`දු තාරක 45/2, ජයමාල් වන්නිආරච්චි 40/2, සචින්ත චමිත් 51/3)
කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 145
(ලසි`දු අරෝෂ 17, සිතුම් රුසර 30, තරි`දු තාරක 24, පැතුම් මහේෂ් 31, ජයමාල් වන්නිආරච්චි 19, වොෂාන් ධනංජය 42/5, යුගීෂ ඩිල්ෂාන් 33/3)
කැලණිය ශ‍්‍රී ධර්මාලෝක විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 45 කදී කඩුලූ 8 ට 172
(හිමලක ඉදුුරංග 38, තිවංක කැකුලාවල 43, මධුෂංක ද සිල්වා 40, මාධව කවි`දු 16, ජයමාල් වන්නිආරච්චි 45/2, සචින්ත චමිත් 29/2, නුවන් චානක 19/2)
කැලණිය ගුරුකුල විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 34 කදී කඩුලූ 5 ට 229
(ලසිදු අරෝෂ 20, සිතුම් රුසර 41, මලි`දු විදුරංග 46, තරි`දු තාරක 25, පැතුම් මහේෂ් 26, ජයමාල් වන්නිආරච්චි නොදැවී 46, උදාර රවිදු නොදැවී 20, යුගීෂ ඩිල්ෂාන් 51/2, වොෂාන් ධනංජය 45/2)
ඡායාරූප: සජීක ජයසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.