Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයම්පති, පරණවිතාන සෙලාන් බැංකුව දිනවති

ජයම්පති, පරණවිතාන සෙලාන් බැංකුව දිනවති

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී  හැටන් නැෂනල් බැංකුව පරදවා 7 කින් ජයගැනීමට සෙලාන් බැංකුව කඩුලූ අද (26 වැනිදා) සමත්විය.

මෙම තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. සෙලාන් බැංකු කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ආරාධනා කළ අතර  ඕවර 48.3 ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 179 ක් රැස් කිරීමට හැටන් නැෂනල් බැංකුවට හැකිවිය. කෝසළ කුලසේකර (58) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය. චරිත් ජයම්පති ලකුණු 28 කට කඩුලු 5 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන්නට සමත්විය.

ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම  ඕවර 30.2 කදී කඩුලූ 3 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. වේගවත් ලකුණු රැස් කිරීමක නිරතවු තරංග පරණවිතාන පන්දු 82 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 97 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

හැටන් නැෂනල් බැංකුව  ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 179
(කෝසළ කුලසේකර 58, සී. රොඞ්ගු 21, චරිත් ජයම්පති 28/5, ගයාන් සිරිසෝම 36/2, කෞෂල්‍ය වීරරත්න 40/2)

සෙලාන් බැංකුව  ඕවර 30.2 කදී කඩුලූ 3 ක් දැවී 180
(තරංග පරණවිතාන 97, ඉයන් ඩැනියල් 25, කාංචන ගුණවර්ධන 24, සජීව වීරකෝන් 24/3)

 


අදහස් (0)

ජයම්පති, පරණවිතාන සෙලාන් බැංකුව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.