මොරටුව වේල්ස් කුමර විදුහල සහ ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (13) ආරම්භ වූ 65 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවන විට වේල්ස් කුමර විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 208 ක් රැස්කර සිටියේය.
පස්වරු 2.45 ට පමණ වාර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය අත්හිටුවීමෙන් පළමු දිනයේ ඕවර 35 කට ආසන්න සංඛ්‍යාවක් අපතේ ගියේය.
ජයංග පීරිස් (නොදැවී 102) සහ හසිත ලංකා (නොදැවී 83) සිවුවැනි කඩුල්ලට ලකුණු 171 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් නව මහ ක්‍රිකට් තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූහ.
වේල්ස් කුමර විදුහල ලකුණු 37 කට කඩුලූ 3 ක් බිද වැටී සිටියදී ජයංග සහ හසිත පිහිටු වූ මෙම සම්බන්ධතාව ‘රන් සටන’ මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ සිවුවැනි කඩුල්ලට පැවැත්වූ ඉහළතම සම්බන්ධතාව වේ.
ජයංග පීරිස් පන්දු 163 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත්ව සිටියි.
හසිත ලංකා පන්දු 123 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් නොදැවි ලකුණු 83 ක් රැස්කරමින් ශතකය ආසන්නට පැමිණ සිටියේය.
හෙට (14) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
වේල්ස් කුමර විදුහල් පිල පළමු ඉනිම ඕවර 59 කදී කඩුලූ 3 ට 208 (ජයංග පීරිස් නොදැවී 102, හසිත ලංකා නොදැවී 83)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.