Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහරගම ජනාධිපති විදුහල අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය දෙහිවල එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
මහරගම ජනාධිපති විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චන්දිප කුමාරසිංහ (75) සහ දේශාන් ප්‍රනාන්දු (56) අර්ධ ශතක ලබාගත් අතර වත්තල ශාන්ත අන්තෝනී විදුහලේ තුෂාර මදුෂාන් ලකුණු 74 කට කඩුලු පහක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජනාධිපති විදුහල - පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 254
(චන්දිප කුමාරසිංහ 75, දේශාන් ප්‍රනාන්දු 56, සජන ගුනියන්ගොඩගේ 26, තුෂාර මදුෂාන් 74/5, කවිඳු ගමගේ 91/3)
ශා.අන්තෝනී විදුහල - පළමු ඉනිම - ඕවර 27 කදී සියලුදෙනා දැවී 107
(බෙහාන් රවිශ්ක 27, උදාර ගිම්හාන 22, චනිඳු ඉමල්ක 27/4, ඉෂාර පෙරේරා 17/3)
ශා.අන්තෝනී විදුහල - දෙවන ඉනිම - ඕවර 4.1 කදී කඩුලු 2 ක් දැවී 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.