Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනාධිපති - ශා. සෙබස්තියන් අවසන් පූර්ව තරගය අද

ජනාධිපති - ශා. සෙබස්තියන් අවසන් පූර්ව තරගය අද

ශනුක අරවින්ද - 2014 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන, වයස 15 න් පහළ II වැනි කොටසේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් හෙට (22 වැනිදා) මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගම් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

පළමු වටයේදීත් රාජගිරිය ජනාධිපති විදුහල් පිල පරාජය කරමින් අපරාජිත කණ්ඩායමක් ලෙස ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී දෙහිවල ඞී. එස්. ජයසිංහ විදුහල පරාජය කළ ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ අර්ධ අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් පිල පරාජය කළ රාජගිරිය ජනාධිපති විදුහල් කී‍්‍රඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයේදී පානදුර ශී‍්‍ර සුමංගල විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් මහ තරගය මෙම තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම සහ කොළඹ ආනන්ද විදුහල් පිල අතර 30 වැනිදා ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ජනාධිපති - ශා. සෙබස්තියන් අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.