‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2016) සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත් වී ඇත. තරග ආරම්භයේ සිට සති 14 ක් පුරා ඡන්ද සටහනේ පෙරමුණ ගෙන සිටි පවන් ඩයස්, සති 3 ක් පුරා දෙවැනි ස්ථානය දක්වා පසුබැස අවසන් සතියේදී නැවනත් පෙරමුණට පැමිණෙමින් එම ශූරතාවට හිමිකම් කීවේය.
ඉකුත් සතිය නිමා වන විට යොහාන් මෙන්ඩිස්ට වඩා ඡන්ද 541 ක් පසුපසින් සිටි පවන් ඩයස්, ගෙවී ගිය සතිය තුළදී අලුතින් ඡන්ද 13475 ක් ලබාගනිමින් සිය මුලු ඡන්ද සංඛ්‍යාව 31904 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.
අවසන් සතිය ආරම්භ වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස්ගේ මුලු ඡන්ද සංඛ්‍යාව 24159 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5189 කි. ඒ අනුව වැඩි ඡන්ද 7745 කින් පවන් ඩයස්, සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ජනප්‍රියම ක්‍රීඩකයා බවට පත්ව තිබේ.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 7448 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී එකදු ඡන්දයක් හෝ ලබාගැනීමට ඔහු සමත් වී නැත.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ රවින් සේයර් පිළිවෙලින් ඡන්ද 1830 ක් සහ 524 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ඡන්ද 2713 ක් ලබා සිටින මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප්‍රනාන්දු සමත්ව ඇති අතර අනු ශූරතාව ඡන්ද 104 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.
| සමස්ත ලංකා පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 31904 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 24159 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 7448 |
| ලක්ෂිණ රුද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1830 |
| රවින් සේයර් | මහනුවර ත්‍රිත්ව විදුහල | 524 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 305 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 259 |
| ගීතාල් ප්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 208 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 118 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 2713 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 104 |
| රියාස් රිස්වි | අකුරණ අසාර් විදුහල | 2 |
ඡන්දය ප්‍රකාශ කරන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 සසිඳි ප්‍රනාන්දු 30/4 ඒ, විවේකාරාම පාර, වාද්දුව
2 ෆිලින් පීරිස් 51/3, නොරිස් කැනල් පාර, කොළඹ 10
3 උපුල් චන්දන 142, හේවගම, කඩුවෙල
4 දුලිප් ද සිල්වා 12, විජේපාල මෙන්ඩිස් මාවත, මීගමුව
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.