Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි පිලට ජයග්‍රාහී ආරම්භයක්
අයි.පී.එල් - 2024

චෙන්නායි පිලට ජයග්‍රාහී ආරම්භයක්

editorial - 2024 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක නිරත වෙද්දී මුස්ටෆිසුර් රෙහෙමාන් සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනා ඉන්දියාවේ අයි.පී.එල්. තරග වල ක්‍රීඩා කරති. 2024 අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් (චෙපොක්) ක්‍රීඩාංගණයේදී සිකුරාදා පැවැති තරගයේදී මුස්ටෆිසුර්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජය කරමින් චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක පහසු ජයක් ලබාගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම ලකුණු 173 කට සීමාකරගත් චෙන්නායි ක්‍රීඩකයෝ ඕවර 18.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්හ. මුස්ටෆිසුර් රෙහෙමාන් (29/4) තරගයේ වීරයා විය. 

බැංගලෝර් නායක ෆෆ් ඩු’ප්ලෙසි සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් වරෙක කිසිවකු නොදැවී ලකුණු 41 ක් ලෙසින් කියැවුණු රෝයල් චැලෙන්ජර්ස් ලකුණු පුවරුව පන්දු 7 ක් ඇතුළතදී 42/3 ක් ලෙසින් වෙනස් විය. තම දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් මාස දෙකක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි විරාට් කෝලි නැවතත් තරගකාරී ක්‍රිකට් පිටියට පිවිසෙමින් පන්දු 20 කදී ලකුණු 21 ක් ලබාගත්තද බැංගලෝර් පිලට රැස්කරගත හැකිවූයේ ලකුණු 173 ක් පමණි. 

සිය මංගල අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර, හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් චෙන්නායි පිල වෙනුවෙන් පන්දු 15 කින් ලකුණු 37 ක් ලබාගත්තේය. අතරින් පතර කඩුලු බිඳ වැටුණ නමුත් ෂිවම් ඩුබේ (34) සහ රවීන්ද්‍ර ජදේජා (25) එක්ව ලකුණු 66 ක අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වමින් චෙන්නායි පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. ෂිවම් ඩුබේ කණ්ඩායමට පැමිණියේ මුස්ටෆිසුර් රෙහෙමාන්ගේ ආදේශකයා ලෙසිනි. 

අයි.පී.එල්. තරගාවලියේ 17 වැන්න, ඔස්කාර් සම්මානලාභී සංගීතඥ ඒ.ආර්. රහමන්ගේ ද සහභාගිත්වයෙන්, මහත් උත්සවාකාරයෙන් ඊයේ චෙන්නායි නුවරදී ආරම්භ කෙරිණ. තවත් සුප්‍රකට සංගීතවේදීන්, බොලිවුඞ් තාරකා වන ආක්ෂේ කුමාර් සහ ටයිගර් ෂැරොෆ් ඇතුළු නළු නිළියෝ මෙන්ම සම්භාවනීය පුද්ගලයෝ ගොන්නක්ම සමාරම්භක තරගයට පැමිණ සිටියහ. 


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  - ඕවර 20 කදී කඩුලු 6 ට 173 යි
(විරාට් කෝලි 21, ෆෆ් ඩු’ප්ලෙසි 35, කැමරන් ග්‍රීන් 18, අංජු රාවත් 48, දිනේෂ් කාර්තික් නොදැවී 38, මුස්ටෆිසුර් රෙහෙමාන් 29/4)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 18.4 කදී කඩුලු 4 ට 176 යි
(රුතුරාජ් ගයික්වාඞ් 15, රචින් රවීන්ද්‍ර 37, අජින්ක්‍යා රහනේ 27, ඩැරිල් මිචෙල් 22, ෂිවම් ඩුබේ නොදැවී 34, රවීන්ද්‍ර ජදේජා නොදැවී 25, කැමරන් ග්‍රීන් 27/2)

- 213


අදහස් (0)

චෙන්නායි පිලට ජයග්‍රාහී ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.