Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් 45 ක ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද (19 වැනිදා) සමත් විය. මෙම තරගයට පෙර ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසු වූ චෙන්නායි කණ්ඩායම, මෙම තරගයේදී ලද ජයග්‍රහණයත් සමග පියවර දෙකක් ඉදිරියට පැමිණිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මුයින් අලී ප්‍රමුඛ චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. ඕවර 3 ක් යැවූ අලී, එහිදී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට ලකුණු 7 ක් පමණක් ලබාදෙමින් කඩුලු 3 ක් බිඳහෙළීය. සෑම් කරන් ලකුණු 24 කට කඩුලු 2 ක්ද, රවින්ද්‍ර ජදේජා ලකුණු 28 කට කඩුලු 2 ක්ද දවාගනිමින් රාජස්ථාන් පිතිකරුවන් අසරණ කිරීම සඳහා අලීට අනගි සහායක් දුන්හ.
රාජස්ථාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ජොස් බට්ලර් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියදී රවින්ද්‍ර ජදේජාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. රාහුල් තේවතියා පන්දු 15 කදී හයේ පහර 2 ක් සම ලකුණු 20 ක්ද, ජයදේව් උනාඩ්කට් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට රාජස්ථාන් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තේය. පළමු කඩුල්ල ලෙස රුතුරාජ් ගයික්වාද් ලකුණු 10 කට දැවී ගියද, ෆෆ් ඩුප්ලෙසී පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, මුයින් අලී පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සුරේෂ් රයිනා පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක්ද, අම්බටි රයිඩු පන්දු 17 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් චෙන්නායි ඉනිම සවිමත් කළහ. ඉනිමේ අවසන් කොටසේදී පන්දු 8 කට මුහුණදුන් ඩ්වේන් බ්‍රාවෝ නොදැවී ලකුණු 20 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
අයි.පී.එල්. ඉතිහාසයේ 200 වැනි වරටත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් මෙම තරගයට සහභාගි වූ මහේන්ද්‍ර සිං දෝනිට පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි.
කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ නායක සංජු සැම්සන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර චේතන් සකාරියා ලකුණු 36 කට කඩුලු 3 ක්ද, ක්‍රිස් මොරිස් ලකුණු 33 කට කඩුලු 2 ක්ද දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 188
(ෆෆ් ඩුප්ලෙසි 33, මුයින් අලී 26, සුරේෂ් රයිනා 18, අම්බටි රයිඩු 27, මහේන්ද්‍ර සිං දෝනි 18, ඩ්වේන් බ්‍රාවෝ නොදැවී 20, චේතන් සකාරියා 36/3, ක්‍රිස් මොරිස් 33/2)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 143
(ජොස් බට්ලර් 49, ශිවම් ඩූබේ 17, රාහුල් තේවතියා 20, ජයදේව් උනාඩ්කට් 24, මුයින් අලී 07/3, සෑම් කරන් 24/2, රවින්ද්‍ර ජදේජා 28/2)
-036
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.