Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි නායකත්වයෙන් දෝනි සමුගනී
අයි.පී.එල් - 2024

චෙන්නායි නායකත්වයෙන් දෝනි සමුගනී

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහේන්ද්‍ර සිං දෝනි සතුව වසර ගණනාවක් පැවැති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ඔහු විසින් රුතුරාජ් ගයික්වාඞ් වෙත බාරදෙනු ලැබ තිබේ. 2024 අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඒ බව ප්‍රකාශ කළේය. වසර 2019 සිටම චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරන රුතුරාජ් එම කාලය ඇතුළතදී අයි.පී.එල්. තරග 52 කට සහභාගි වී ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි. 

අයි.පී.එල්. තරගාවලි පහකදී චෙන්නායි පිලට ශූරතාව දිනා දී ඇති හිටපු නායකයා, අවසන් වරට සහභාගි වන අයි.පී.එල්. තරගාවලිය ද මෙය යයි කියැවේ. වසර 2007 දී විස්සයි-20 ලෝක කුසලානයත්, වසර 2011 දී එක්දින ලෝක කුසලානයත් ඉන්දීය පිලට දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනි මේ වන විට 42 හැවිරිදි වියේ පසුවෙයි. 

චෙන්නායි පිලේ නව නායක රුතුරාජ් ගයික්වාඞ් 27 හැවිරිදි දකුණත් පිතිකරුවෙකි. වසර 2021 තරගාවලියේදී ඔහු චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් ලකුණු 635 ක් ලබාගත්තේය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2024 තරග වාරය ආරම්භ කරමින් චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර තරගය අද (22 වැනිදා) චෙන්නායි නුවරදී පැවැත්වෙයි. ලෝකයේ ධනවත්ම ක්‍රිකට් ලීග් තරගාවලිය වන මෙම තරගාවලියේ කාල සටහන දැනට නිකුත් කර ඇත්තේ පළමු සති දෙක සඳහා පමණි. ඉන්දීය මහ මැතිවරණයෙන් පසුව ඉතිරි තරග සඳහා කාලසටහන නිකුත් කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තුව සිටිති. 

කණ්ඩායම් 10 ක් තරග වදින අයි.පී.එල්. තරගාලිය මාස දෙකක පමණ කාලයක් පැවැත්වීමට නියමිතය. මෙම කාලය ඇතුළත ලෝකයේ සියලුම අන්තර්ජාතික තරග ඇණහිටීම සාමාන්‍යය තත්ත්වයකි. 


- 213


අදහස් (0)

චෙන්නායි නායකත්වයෙන් දෝනි සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.