ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ මුම්බායිහිදී අද (28 වැනිදා) පැවැති පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව කඩුලූ 7 ක ජයක් ලැබූ චෙන්නායි සුපර් කිංග්ස් පිල, අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයට සහභාගී වීමට අවස්ථාව උදාකර ගත්තේය.
මෙම තරගයේදී ලද පරාජයක් සමග පසුගිය වසරේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් පිලට මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 60 ක් එක්කළ ඞ්වේන් ස්මිත් (24) සහ ෆෆ් ඩුප්ලෙසී (35) චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 89 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගූ සුරේෂ් රයිනා (නොදැවී 54) සහ ඬේවිඞ් හසී (නොදැවී 40) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු 33 කින් වාර්තා වූ සුරේෂ් රයිනාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්වූ අතර පන්දු 29 කින් වාර්තා වූ ඬේවිඞ් හසීගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය.
පන්දු 44 කදී ලකුණු 67 ක් රැුස්කරමින් මෙවර තරගාවලියේදී තම තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ලෙන්ඞ්ල් සිමන්ස්, එය හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය.
ඬේවිඞ් හසී (39) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සිමන්ස්, නායක රොහිත් ශර්මා (20) සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ලකුණු 43 කට මුම්බායි පිලේ කඩුලූ 3 ක් බිඳ දැමූ මෝහිත් ශර්මා, තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට සමත්විය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 173
(ලෙන්ඞ් සිමන්ස් 67, මයිකල් හසී 39, කෝරි ඇන්ඩසන් 20, රෝහිත් ශර්මා 20, කිරන් පොලාඞ් 14, මෝහිත් ශර්මා 42/3, රවින්ද්‍ර ජදේජා 31/2, අශීෂ් නෙහෙරා 34/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 3 කට 176
(ඞ්වේන් ස්මිත් 24, ෆෆ් ඩුප්ලෙසී 35, බ්‍රෙන්ඩන් මැකලම් 14, සුරේෂ් රයිනා නොදැවී 54, ඬේවිඞ් හසී 40, හර්බජාන් සිං 12/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.