අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ යටතේ සී.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) ආරම්භවූ තරගයේදී සී.සී.සී කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සැරසන්ස් කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ සමත්විය.
වමතින් පාදඟපන්දු යවන චාමිකර එදිරිසිංහ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. මෙවර තරගාවලියේ තරග 4 කට සහභාගීවී ඇති චාමිකර මේ වනවිට කඩුලු 11 ක් දවාගැනීමට සමත්වී ඇත.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණි. මාධව වර්ණපුර (63) අර්ධ ශතකයක් ලබාගනිමින් සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
පළමු දිනය නිමාවන විට සැරසන්ස් කණ්ඩායම ලකුණු 47 කට කඩුලු 5 ක් දැවී දැඩි අසීරූ අඩියක සිටින්නේය. ඒ අනුව තවත් කඩුලු 5 ක් අතැති සැරසන්ස් කණ්ඩායම සී.සී.සී. කණ්ඩායමට වඩා ලකුණු 191 ක් පසුපසින් සිටින්නේය.
තවත් තරග 4 ක් කටුනායක මේරියන්ස්, මුවර්ස්, බී.ආර්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී අද ආරම්භවිය. එහිදී මූවර්ස් කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 110 කට සීමා කිරීමට යුදහමුදා කණ්ඩායම සමත්විය.
එස්.එස්.සී පිලේ සම්මු අශාන් සහ රාගම කණ්ඩායමේ සුපේෂල ජයතිලක ශතක රැස්කරමින් අද දින පිත්තෙන් දස්කම් දැක්වූහ.
හලාවත් මේරියන්ස් කණ්ඩායමේ සාගර් උදේෂී කඩුලු 6 ක්ද යුදහමුදා කණ්ඩායමේ දුශාන් විමුක්ති සහ බී.ආර්.සී කණ්ඩායමේ දුවිඳු තිලකරත්න කඩුලු 5 ක් බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සී.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. 238, සැරසන්ස් 47/5
සී.සී.සී - පළමු ඉනිම - ඕවර 62 කදී සියලුදෙනා දැවී ලකුණු 238
(රොන් චන්ද්‍රගුප්ත 30, මාධව වර්ණපුර 63, වනිඳු හසරංග 32, මනෙල්ක ද සිල්වා 22, විශ්ව ප්‍රනාන්දු නොදැවී 2, චාමිකර එදිරිසිංහ 87/9)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 27.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 47
(ප්‍රමෝද් මධුවන්ත 22, මාලින්ද පුෂ්පකුමාර 31/4)
හලාවත මේරියන්ස් සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය 233, හලාවත මේරියන්ස් 54/4
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලුදෙනා දැවී ලකුණු 233
(යොහාන් ද සිල්වා 64, ප්‍රිමෝෂ් පෙරේරා 51, රුවිඳු ගුණසේකර 24, ප්‍රශාන් වික්‍රමසිංහ 46, සාගර් උදේෂී 70/6, කරිමුත්තාතු රාකේෂ් 41/2)
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 54
(ඕෂධ ප්‍රනාන්දු නොදැවී 30. හර්ෂ කුරේ 22, චමින්ද බණ්ඩාර 17/2, අනුක් ද අල්විස් 9/2)
මූවර්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර මුවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් 110, යුදහමුදාව 129/4
මූවර්ස් - පළමු ඉනිම - ඕවර 44.4 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(අදීෂ තිලංචන 35, දුශාන් විමුක්ති 35/5, දනුෂික බණ්ඩාර 16/2, නුවන් ලියනපතිරණ 30/2)
යුදහමුදාව - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 129
(අශාන් රන්දික 32, දුශාන් විමුක්ති 35, ලක්ෂිත මදුශාන් 20, දිල්ශාන් ද සොයිසා නොදැවී 31)
බී.ආර්.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. 289, බී.ආර්.සී. 57/1
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලුදෙනා දැවී ලකුණු 289
(කවිඳු කුලසේකර 42, සම්මු අශාන් 125, ආකාෂ් සේනාරත්න 28, සචිත්‍ර සේනානායක 32, දුවිඳු තිලකරත්න 65/5, නෙරංජන වන්නිආරච්චි 36/2)
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 21 කදී කඩුල්ලක් දැවී ලකුණු 57
(ලසිත් ලක්ෂාන් නොදැවී 20, භානුක රාජපක්ෂ නොදැවී 34)
රාගම සහ ද්‍රවිඩ සංගමය කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
රාගම 356/7
රාගම - පළමු ඉනිම - ඕවර 89 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 356
(දිනෙත් තිමෝද්‍ය 49, ශෙහාන් ප්‍රනාන්දු 41, සංජය චතුරංග 36, සුපේෂල ජයතිලක 100, ජනිත් ලියනගේ 52, දිනුක් වික්‍රමනායක 27/2, ජීවන් මෙන්ඩිස් 90/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.