Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරිට උසස්වීම් දෙකක්

චමරිට උසස්වීම් දෙකක්

editorial - 2022 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පිතිකාරිණියන් සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද, එහිදී පිතිකාරිණියක් ලෙස මෙන්ම පන්දු යවන්නියක ලෙසද දැක්වූ දස්කම් හේතුවෙන් චමරි ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ සිටින්නීය. 

ඉන්දීය තරගාවලියට පෙර විස්සයි-20 පිතිකාරිණයන් අතර 8 වැනි ස්ථානයේ පසුවූ චමරි, එහි එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති අතර මෙය ඇය ශ්‍රේණිගත කිරීම්වල හිමිකරගත් ඉහළම ස්ථානය ලෙසද හැදින්විය හැකිය. මේ වන විට පිතිකාරිණියන් අතර ඇය ලබා සිටින ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 664 කි. 

විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 7 වැනි ස්ථානයට පැමිණීමට පෙර ඇය පසුවුයේ එහි 9 වැනි ස්ථානයේය. මේ වන විට තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර චමරි ශ්‍රේණිගත ලකුණු 279 කට හිමිකම් කියන්නීය. ඉන්දීය තරගාවලියේදී අර්ධ ශතකයක් (නොදැවී 80) සමග ලකුණු 139 ක් රැස්කළ චමරි, එහිදී ඕවර 6 ක් යවමින් ලකුණු 45 කට කඩුල්ලක් දවාගැනීමටද සමත් වූවාය. 

චමරිට අමතරව අනුෂ්කා සංජීවනීද ස්ථාන 4 ක් ඉදිරියට එමින් විස්සයි-20 පිතිකාරිණියන් අතර 60 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. විස්සයි-20 පන්දු යවන්නියන් අතර ඕෂදී රණසිංහ ස්ථාන 11 ක් ඉදිරියට එමින් 26 වැනි ස්ථානයටද, සුගන්දිකා කුමාරි ස්ථාන 9 ක් ඉදිරියට එමින් 40 වැනි ස්ථානයටද, ඉනෝකා රණවීර ස්ථාන 16 ක් ඉදිරියට එමින් 47 වැනි ස්ථානයටද පත්ව සිටිති.


අදහස් (0)

චමරිට උසස්වීම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.