Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වට සහභාගිවන අවසන් කණ්ඩායම තෝරාගැනීම සඳහා මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ විස්සයි-20 තරගාවලියේ අද (18 වැනිදා) පැවැති තරගයකදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 109 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් කරාගිය ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 12.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 73 ක් පමණි. එහිදී සචිනි නිසංසලා, අමා කාංචනා සහ උදේෂිකා ප්‍රබෝධනී කඩුලු 2 බැගින් දවාගනිමින් ස්කොට්ලන්ත කණ්ඩායම අමාරුවේ දැමූහ.
ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිණියට බවට පත් වූ ආරම්භක පිතිකාරිණී එලීනා වොට්සන් පන්දු 26 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක් රැස්කළාය. එහෙත් සෙසු පිතිකාරිණියන් 10 දෙනාගෙන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙරාතුව ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 182 ක් ලබාගත්තේය. එහිදී අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 45 කින් ලකුණු 86 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමගිනි.
හසිනි පෙරේරා (17) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 90 ක වේගවක් සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූවාය. මුලු ලකුණු සංඛ්‍යාව 124 ක් වන විට 13 වැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී ඔවුන් දෙදෙනාම දැවී ගිය අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල විය.
සිවුවැනි සහ පස්වැනි පිතිකාරිණියන් ලෙස පිටියේ එක්වූ හර්ෂිතා මාධවී පන්දු 18 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක්ද, නිලක්ෂිකා සිල්වා පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 23 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී අමා කාංචනා පන්දු 6 කින් නොදැවී ලකුණු 11 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
නායිකා චමරි අතපත්තු තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් දිනාගත් සම්මාන නවක ක්‍රීඩිකාවක වන සචිනි නිසංසලාට පිරිනැමුවාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 182
(චමරි අතපත්තු 86, හසිනි පෙරේරා 17, හර්ෂිතා මාධවී 23, නිලක්ෂිකා සිල්වා නොදැවී 23)
ස්කොට්ලන්ත කාන්තා පිල - ඕවර 12.1 කදී සියලු දෙනා දැවී 73
(එලීනා වොට්සන් 30, සචිනි නිසංසලා 10/2, අමා කාංචනා 20/2, උදේෂිකා ප්‍රබෝධනී 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.